හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ
Showing posts with label එදිනෙදා දැනුම. Show all posts
Showing posts with label එදිනෙදා දැනුම. Show all posts

10 July 2014

වදන් බලය 3 - Word Power 3

Image 1
  මතකද මම මීට කලින් ඔබ වෙත ගෙන ආ වදන් බලය ලිපි. ඒවා මගේ නිර්මාණ නොවෙයි. පැරණි සිව්දෙස සඟරා වලින් උපුටාගත් ඒවා. මීට පෙර මා ඔබ වෙත වදන් බලය කොටස් දෙකක් රැගෙන ආවා. පළමුවැනි කොටස මෙතනින් බලන්න. දෙවැනි කොටස මෙතනින් බලන්න. ඊට අමතරව 'රීඩර්ස් ඩයිජස්ට්' සඟරාවෙන් උපුටාගෙන, ඉංග්‍රීසි භාෂාවෙන්ද, වදන් බලය ලිපියක්, මා ඔබවෙත ගෙනාවා. අද ඉදිරිපත් කරන්නේ, සිංහලෙන් ගෙන එන වදන් බලය, තුන්වැනි කොටස. මේ කොටස උපුටාගත්තේ, 1995 නොවැම්බර් මාසයේ පළවූ සිව්දෙස සඟරාවෙන්.

   වචනවල අර්ථය දැන සිටීම, භාෂා ඥානය වර්ධනය කරගන්නට ඉමහත් පිටිවහළක්. වචන සෑහෙන තරම් නොදන්නා නිසයි, සමහර අයට, යම් අදහසක්, පැහැදිළිව ප්‍රකාශ කරන්නට නොහැකි වන්නේ. තමන්ගේ සිතේ තිබෙන දේ, පැහැදිළිව ප්‍රකාශ කරන්නට නොහැකිවූවිට සිදුවන්නේ, මහත් අවුලක්. සමහර අය, යමක් ලියන්නට/කියන්නට ගියාම, තමන් හිතාගෙන සිටිය දේ නෙවෙයි ලියවෙන්නේ/කියවෙන්නේ. එයට එක හේතුවක් තමයි, අවශ්‍ය තරම් වචන, තම වාග් කෝෂයේ නොතිබීම. වාග් කෝෂය දියුණු කරගන්නට නම්, ප්‍රධාන වශයෙන් බලපාන්නේ, හරවත් පොතපත කියවීම සහ විද්වත් කථිකාවන්ට ඇහුම්කන් දීමයි. සමහර අයට, පොදු ස්ථානයකදී/අවස්ථාවකදී/ වචන කීපයක් ගලපා කථාවක් පවත්වන්නට පවා නොහැකිවන්නේ, ප්‍රධාන වශයෙන්ම, සාරවත් වාග් කෝෂයක්, සිය මනසෙහි නැතිවීමයි. බලන්න, අද සිටින ගුවන්විදුලි/රූපවාහිනී/වේදිකා හෝ එළිමහන් ප්‍රසංග ඉදිරිපත් කරන නිවේදක නිවේදිකාවන්ගෙන් අති මහත් බහුතරය දන්නේ, ඔවුන් අතරම හුවමාරුවන 'සිල්ලර වචන සැට් එකක්' පමණයි. ඇත්තෙන්ම ඔවුන් අතරින් බහුතරයක්, තමන් කථාකරන වචන වලින්, සෑහෙන ගණනක අර්ථය දැනගෙන නෙවෙයි කථාකරන්නේ. අපි එදිනෙදා කතාබහේදී කොපමණ සරලව, කොපමණ සැහැල්ලුවෙන් වචන භාවිත කළත්, ජීවිතයේ යම් යම් වැදගත් අවස්ථා වලදී, අර්ථවත්ව සහ හරවත්ව අදහස් දැක්වීමට සිදුවන අවස්ථා එළඹෙන බව, අමතක කරන්න එපා.

   හොඳයි එහෙනම් මෙන්න අද අභ්‍යාසය. වෙනදා වගේම මා ඔබට කියන්නේ, පිළිතුරු බලන්න ඉක්මන් වෙන්න එපා. කලබලයෙන් විනාඩි කීපයකින් විසඳන්න යන්නත් එපා. අද බැරිනම් පසුව විසඳන්න. අමාරු වචන කොලයක ලියාගෙන, විවේකීව සිතන්න. දන්නා හඳුනන අයගෙන් අහන්න. එවිට ඔබට තවත් දේ ඉගෙනගන්නට ලැබෙනවා. ඔබේ වාග් කෝෂය පෝෂණය වෙනවා. 


1



2


3


 පිළිතුරු පහත දක්වනවා. එහෙත්, මා ඔබෙන් ඉල්ලාසිටින්නේ, එකවරම පිළිතුරු වෙත නොගොස්, අභ්‍යාසය සම්පූර්ණ කිරීම පිළිබඳව සෑහීමට පත්වීමෙන් පසුව පමණක්, පිළිතුරු බලන ලෙසයි.



















































4


my-signature-for-blog[1]   2014 ජූලි මස 10 වැනි දින 0901 පැය


04 July 2014

කලකට පස්සේ - After a long time

 
1
  කාලෙකට පස්සේ ඔන්න ඉතිං පුංචි කතන්දර දෙක තුනක් ලියන්න හිතුනා. හිතේ තිබුනට මෙව්වා ලියන්න සුදුසු වචන තෝරාගන්න එක තමයි අමාරුම වැඩේ. කතන්දර හැටහුටහමාරක් ඔලුවේ තිබුනට, මෙහෙම පොරසිද්දියේ එව්වා කියන්න බැහැ. කොහොම ලියන්න හැදුවත් ලැජ්ජා හිතෙනවා අනේ. ඒ වුනාට මම දන්නවා හුඟ දෙනෙක් මේ කතාවලට කැමතියි කියලා. බ්ලොග් ලියන කියවන ගෑණු ළමයිනුත් ඉන්න නිසා, බොහොම පරිස්සම් වෙන්න ඕනේ. මොකද දන්නවද? එයාලට මේ කතා තේරෙන්නේ නැති වුනාම අහන ප්‍රශ්න වලට උත්තර දීම, බොහොම අමාරුයි. (හරි හරි, ඔයාට එයාලා ගෑණු ළමයි නොවුනට, මටනම් එයාලා තවම ගෑණු ළමයි) කොහෙද එදා බත්තරමුල්ලේ අවුරුදු උත්සවේදී ටිකකට මයික් එකවත් දුන්නානම්, හොඳ කතන්දර ටිකක් කියන්න තිබුණා. එදා අර පොට්ට කොර කොට්ට පොර ගහන එක විනිශ්චය කරන ගමන්, මම කිව්ව කතා, කාටවත් මතක හිටලා නැති එකත් හොඳයි. ඉතින් අද මේ කියන කතා මගේ නිර්මාණ නෙවෙයි. මම ඔය ජාලයේ අහුමුළුවල රිංගනකොට සහ මගේ හමුදා මිතුරන් ඇසුරෙන් හොයාගත් ඒවා. අම්මපා මම වගේ නොවෙන, ඕනෙම තැනක ඕනෙම එකක් කියන හමුදා මිතුරන් ටික දෙනෙක් එක්ක එන්නද දවසක? හරි හරි, එව්වා පස්සේ බලාගම්මුකෝ. ඔන්න මීට පෙර මේ වගේ කතා ලියනකොට වගේම, අදත් ආදරයෙන් කරුණාවෙන් ඉල්ලන්නේ, වාරණය කරන්න සිදු නොවෙන, අසභ්‍ය වචන රහිත, රසවත් කමෙන්ට් පමණක් ඉදිරිපත් කරන්න කියලයි. මේ කතා සමහරු මීට කලින් අහලත් ඇති. සමහරු ලියලත් ඇති. එහෙනම් මෙන්න කතා ටික.


සාස්තරය  

???????????????????????????????????????????????????   ජීවිතයේ තරුණ වයස ඉක්මවමින් ඉන්න, එහෙත් තවමත් අවිවාහක පුද්ගලයෙක් ගියා, සාස්තර කාරියක් ලඟට, සාස්තරයක් අහන්න. සෑහෙන වෙලාවක් ඔහුගේ අත පරීක්ෂා කල සාස්තර කාරිය කිව්වා, 'මට පෙනෙනවා මහත්මයා තවමත් අවිවාහක බව' කියලා. 'හරියට හරි. මම විවාහ වෙන්න දරපු හැම උත්සාහයක්ම වැරදුනා' කියලා අර පුද්ගලයා කිව්වා. 'ඒ විතරක් නෙවෙයි මහත්තයට තාවකාලික වින්දනයක් ලබන්න තරම්වත් කාන්තා ඇසුරක් ලැබිලා නැතිබව මට පෙනෙනවා' සාස්තරකාරිය කිව්වා. 'මොනවා....., ඒකත් හරියටම හරි, මගේ අතේ තියන මොන රේඛාවෙන්ද ඒ බව පෙන්නුම් කරන්නේ?' අර පුද්ගලයා බොහොම පුදුමයෙන් සාස්තරකාරිගෙන් ඇහුවා. 'නෑ නෑ මහත්මයා, මම ඒ බව කිව්වේ මහත්මයාගේ අල්ලේ තියන රේඛාවලින් නෙවෙයි, කරගැට වලින්' සාස්තරකාරි උත්තර දුන්නා.


මොකක්ද නෝනගේ නම

   විවාහක යාළුවො දෙන්නෙක් ජීවිතය ගැන කතා කර කර ඉන්නවා. එක යාලුවෙක් අනික් යාලුවට කියනවා මෙහෙම. 'මට හරිම ආඩම්බරයි කියන්න මම මගේ නෝනව බඳින්න කලින්, කවදාවත් එයත් එක්ක එකට ඉඳලා නැහැ. ඔයා ඉඳලා තියනවද?' එතකොට අර අනික් යාලුවා උත්තර දෙනවා මෙහෙම. 'මට හරියට මතක නැහැ. කී දෙනෙක් කියලා මතක තියා ගන්නද? මොකක්ද ඔයාගේ නෝනගේ නමේ පලවෙනි කොටස?'


ගිරවා

boyringneck  මහත්තුරු දෙන්නෙක් දොස්තර මහත්තයෙක් හම්බවෙන්න ගිහින් හිටියා. එක මහත්තයෙක් දොස්තර මහත්තයට කිව්වා, 'මගේ ගිරවගෙ බෙල්ලේ මාලය හුඟක් රතුවෙලා. මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා බලාගන්නයි ආවේ' කියලා. දොස්තර මහත්තයා ගිරවව පරීක්ෂා කරලා කිව්වා, 'සුළු දෙයක්, නෑව්වාට පස්සේ ඔක්කොම ඉවරයි' කියලා. අනික් මහත්තයා කිව්වා, 'මගේ ගිරවගෙ බෙල්ලේ මාලය නිල් වෙලා, ගිරවා හරි මළානිකයි. මොකුත් ප්‍රශ්නයක්ද කියලා බලාගන්නයි ආවේ' කියලා. ගිරවව පරීක්ෂා කරපු දොස්තර මහත්තය කිව්වා, මාස කීපයක් බෙහෙත් නොකලොත් තත්වය දරුණු අතට හැරෙන්න ඉඩ තියනවා' කියලා. එයින් පුදුමයට පත්වූ මහත්තයා අහනවා, 'ඇයි ඩොක්ටර්, අර බෙල්ලෙ මාලය රතුවෙච්ච ගිරවා නැව්වම හරියනවා නම්, මගේ ගිරවගෙ බෙල්ලෙ මාලය නිල් පාට වුනාම මොකද මෙච්චර ලොකු ප්‍රශ්නයක්?' කියලා. දොස්තර මහත්තයා කිව්වා, 'ලිප්ස්ටික් ටිකක් ගෑවීම සහ දත් පාරක් නිසා ඇතිවුණු ඔඩු දුවන තුවාලයක් අතර වෙනස තමයි ඒ' කියලා.


ඔබද ලක්‍ෂපති

   ඔන්න ඉතිං, මේ කියන්න යන සිද්ධිය වුණේ මට කියලා, බොරු කතා හදනවා එහෙම නෙවෙයි හරිද? මට විස්වාසම නැති එකා අර අසමජ්ජාති පත්තරයා. ඕකා තමයි ඔක්කොම කතා හදන්නේ. මෙන්න මේකයි කතාව. ඔබද ලක්ෂපති වැඩසටහන නරඹලා, රූපවාහිනිය වසා දැමූ මැදි වයසේ යුවලක්, නිදාගන්න ගියා. නොයෙක් දේ කතාකරමින් හිටිය දෙන්න ගෙන්, නෝනා, අනික් පැත්ත හැරිලා නිදාගන්න හදනකොට, මහත්තයා කිව්වා, 'පොඩ්ඩක් මේ පැත්තට හැරෙන්නකෝ' කියලා. නෝනා කිව්වා, 'අනේ අනේ මේ, අදනම් මගේ ඇඟට හරි මදි. මට නිදාගන්න ඕනේ' කියලා. මහත්තයා ඇහුවා, 'හරි ඒ ඔයාගේ අවසාන පිළිතුරද?' කියලා. නෝනා 'ඔව්' කිව්වා 'තහවුරු කරන්න' කියලා මහත්තයා කිව්වා. නෝනා කිව්වා, 'තහවුරු කරනවා' කියලා. මහත්තයා කියනවා, 'ඔයා විකල්ප පාවිච්චි කළේ නැතුවට මට කරන්න දෙයක් නැහැ. ඔන්න එහෙනම් මම කෝල් අ ෆ්‍රෙන්ඩ් විකල්පය ගන්නවා' කියලා.


කළකිරීම

   
 ඉතාම කලකිරීමට පත්වූ ස්වාමිපුරුෂයෙක් මනෝවෛද්‍ය වරයකු හම්බවෙන්න ආවා. 'දොස්තර මහත්තයා, මට මගේ ජීවිතේ එපා වෙලයි තියෙන්නේ. මගේ නෝනා මාව සතේකට ගණන් ගන්නේ නැහැ. මම හම්බකරන හැම සතේම වියදම් කරමින් ජොලි කරනවා. හැමදාම ක්ලබ් එකට යනවා. එක එක දවසට එක එක මිනිහා එක්ක හෝටල් ගානේ රවුම් ගහනවා. මේ ගෑනි සිනමා නිලියක් වගේ ලස්සනයි කියලා හැමෝම කියන එක තමයි මේ ගෑනි මෙතරම් නරක්වෙන්න හේතුව. බැරිද මගේ නෝනට මොකක් හරි මනෝවෛද්‍ය ප්‍රතිකර්මයක් කරන්න මාව දාලා නොයන විදිහට' කියලා, ඒ ස්වාමිපුරුෂයා මනෝවෛද්‍යවරයාගෙන් ඇහුවා. මනෝවෛද්‍යවරයා මෙහෙම කිව්වා. 'කලබල වෙන්න එපා, මහත්තයා හිත සන්සුන් කරගන්න. ආනාපාන සතිය වඩන්න. මෛත්‍රී භාවනාව නිතර කරන්න. මට දෙන්න නෝනගේ නමයි, අර නෝනා නිතර යන ක්ලබ් එකේ ලිපිනයයි'.
  
ඇති නේද? තවත් කතා තියනවා, පස්සේ කියමු. ටටා....................!



my-signature-for-blog[1]   2014 ජූනි මස 03 වැනි දින 2128 පැය

29 June 2014

ඊළාම් යුද සිරකරුවෝ - වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ ලිපියක් - The POWs of The Eelam War


Ruwan-M_-Jayatunge-150x150
     නව සංස්කරණය 2014 ජූනි මස 29 වැනි දින 

   මෙම ලිපිය පල කිරීමෙන් පසු, මා සහ වෛද්‍ය ජයතුංග අතර ඇතිවූ අදහස් හුවමාරු වලින් පසුව, ලිපිය සංස්කරණය කිරීම සුදුසු බව පෙනීගිය බැවින්, නව සංස්කරණයක් ලෙස මෙසේ නැවත ඉදිරිපත් කරන බව කරුණාවෙන් සලකන්න. තවද ලිපියේ සිංහල සංක්ෂිප්තයක් ද ඇතුළත් කර ඇත.  


වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ ලිපි සහ පොත්පත් ගැන මීට පෙර මා ඔබ සමග අවස්ථා ගණනාවකදී සාකච්ඡා කර තිබෙනවා. එතුමාගේ වෙනත් සාහිත්‍ය නිර්මාණ කීපයක්ද මා ඔබවෙත ගෙන ආවා. එබැවින්, මේ අඩවියට පැමිණෙන ඔබට, ඔහු අමුත්තකු නොවෙයි. තිස් වසරක් තිස්සේ, අප රට ගිලගෙන තිබුණු කුරිරු ඊලාම් යුද්ධය, තවත් පරම්පරා ගණනකට අපේ මතකයෙන් ඈත නොවන බව, මා අමුතුවෙන් ඔබට කිවයුතු නැහැ.


   වෛද්‍ය රුවන් එම් ජයතුංග ශ්‍රී ලංකා යුද හමුදා රෝහලේ මානසික රෝග අංශයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර දැනට ඔහු කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යනයේ යෙදෙන අතර  මානසික සෞඛ්‍යය පිලිබඳව පර්යේෂණ ව්‍යාපෘතියකද​ සේවය කරයි. ඔහු පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (PTSD ) පිලිබඳව පොත් කිහිපයක් මෙන්ම පර්යේෂණ පත්‍රිකා එළි දක්වා තිබේ. මෙම ලිපිය ඊලාම්  යුද්ධයේදී යුද සිරකරුවන් වූ   ශ්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවන් පිලිබඳ අධ්‍යනයකි.   දැනට ඊලාම් හිතවාදී ශාස්ත්‍රාලීය උගතුන් විසින්  ශ්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවන් ක්‍රෑර ම්ලේච්ඡ  යුධ අපරාධකරුවන් පිරිසක් ලෙස ශිෂ්ට ලෝකයා ඉදිරිපිටදී නිරුවත් කරද්දී ඊලාම් යුද්ධයේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවන් සත්‍ය වශයෙන්ම අත්විඳි   ක්‍ෂිතිමය අත්දැකීම් ලොවට හෙලි කිරීමට ගත් හුදකලා වෑයමක් ලෙස මෙම ලිපිය හඳුන්වා දිය හැකියි.

  වෛද්‍ය රුවන් එම් ජයතුංග මෙසේ අවධාරනය කරයි

   යුද්ධයෙන් සිදුවූ මුලූ මානසික බලපෑම පිළිබඳව තක්සේරු කිරීමට උගහට වුවද, යුද්ධයෙන් ඇති වූ මානසික ආබාධ සුව කිරීම සඳහා පියවර ගත යුතු වේ. ශ‍්‍රී ලංකාවේ ඊලාම් යුද්ධයට සහභාගී වූ රණවිරුවන්ගේ මානසික සෞඛ්‍යයට ඔවුන් දෑසින් දුටු අතිශය ක්ෂිතිමය සිද්ධීන් අති විශාල ලෙස බලපා ඇත.  එම සෙබලූන් අත්දකින පොදු මානසික සෞඛ්‍යයට අදාළ ගැටළු වනුයේ පශ්චාත් කම්පන ආතති අබාධ PTSD හා ඊට සම්බන්ධ මනෝ සමාජීය  අපහසුතාවන්, හා දිවිගලවා ගැනීම, වරදකාරී යයි සිතීම (Survival Guilt)  ආදියයි. ශ‍්‍රී ලංකාවේ රණවිරුවන් තුල යුද්ධය හේතුකොට ගෙන ඇතිවූ දිගුකාලීන බලපෑම කුමක්දැයි අපි තවමත් නොදනිමු., ශ‍්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන්ගේ කැපවීම හා ධෛර්යය කිසිසේත්ම අවතක්සේරු කළ නොහැකි අතර, ලෝකයේ දීර්ඝතම හා භයානකමවූ සන්නද්ධ ගැටුමක සටන් කල ඔවුහු අන්තිමේදී පැහැදිලි ජයග‍්‍රහණයක් ලබා ගැනීමට සමත් වූහ. එම ජයග‍්‍රහණය ලබා ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවට මිල කල නොහැකි වටිනාකම් පුදකිරීමට සිදු විය. දශක තුනක් තිස්සේ පැවති යුද්ධය හේතුකොටගෙන බොහෝ රණවිරුවන් කායික හා මානසික රෝගීන් බවට පත් විය. එහෙත් අවාසනාවකට මෙන් මොවුන් විසින් කරන ලද කැපකිරීම් සමාජය විසින් ක‍්‍රම ක‍්‍රමයෙන් අමතක කර දමමින් සිටී.

     වෛද්‍ය ජයතුංගගේ නිර්මාණ පිළිබඳව මේ අඩවිය තුළින්, මා මීට පෙර ප්‍රසිද්ධිය ලබා දුන් බවත් ඔබට මතක ඇති. මේ එයින් කීපයක්.  


   මෙවර මා ඔබ වෙත ගෙන එන්නේ පසුගිය ඊලාම් යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ යුද සිරකරුවන් බවට පත්වූ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් කීප දෙනෙකු පිළිබඳව මනෝවිද්‍යාත්මක විග්‍රහයක් කරමින් වෛද්‍ය ජයතුංග විසින් කර තිබෙන පර්යේෂණාත්මක ලිපියක්. මුලින්ම අපි ඒ ලිපියේ සිංහල සංක්ෂිප්තයක් කියවමු.



POWS in Sinhala_pagenumber.001

   POWS in Sinhala_pagenumber.002


 POWS in Sinhala_pagenumber.003



POWS in Sinhala_pagenumber.005


මේ තිබෙන්නේ මෙම ලිපියේ මුල් කෘතිය වන ඉංග්‍රීසියෙන් ලියවුන ලිපියෙන් උපුටාගත් කොටස්


1

2

3

4

5


   ලිපියේ ඉතිරි කොටසේදී වෛද්‍ය ජයතුංග මේ සිද්ධි දාමය පිළිබඳව සවිස්තරාත්මක සහ ගැඹුරු විග්‍රහයක යෙදෙනවා. මා ඔබට ඇරයුම් කරනවා සම්පූර්ණ ලිපිය පහත ඇති සබැඳියාවෙන් ලබාගෙන කියවා ඔබේ අදහස් මෙහි දක්වන ලෙස. මා එම අදහස් වෛද්‍ය ජයතුංගගේ අවධානයට ලක්කිරීමට බලාපොරොත්තු වෙනවා.




my-signature-for-blog[1]   2014 ජූනි මස 28 වැනි දින 1324 පැය

25 June 2014

අන්ත්‍රාවයි වෙඩිතියන පොලිස්කාරයෝ ඉදිරියෙන්


1
   මෙවැනි ලිපියක් ලියන්නට සිදුවීම සතුටක් නෙවෙයි කණගාටුවක්. මමත් ආරක්ෂක අංශයක හිටපු සාමාජිකයකු නිසා, තවත් ආරක්ෂක අංශයක් ගැන මෙහෙම ලියන්නටවීම ගැන මට කණගාටුයි. නමුත් මේවා නොලියාම බැහැ. ඒ නිසයි ලියන්නේ. පොලීසිය කියන්නේ වැදගත්, ගෞරවණීය, අභිමානවත්, සේවයක්. එය රැකියාවක් නොවේ. පොලීසියක් පවත්වාගෙන යාම අපි පොලීසියට බනිනවා වගේ ලේසි වැඩක් නොවේ. පොලිස් සේවාව සෑමවිටම එහි බලධරයන්ගේ පරිපාලනයත් කළමනාකරණයත් විසින්, නොකඩවාම අධීක්ෂණයේ තබාගතයුතු, බරපතල වගකීමක්. මහජනතාවට ඇත්තටම සේවයක් සිදුවන පොලීසියක් ලැබෙන්නේ එවිටයි.  

   නමුත් ඉතා අවාසනාවන්ත ලෙස, අපේ රටේ පොලිස් සේවය පිළිබඳව එන්න එන්නම අහන්නට දකින්නට ලැබෙන්නේ, සතුටුදායක දේවල් නොව ඉතා අසතුටුදායක, අවාසනාවන්ත සිදුවීම්. අත්අඩංගුවට ගන්නා සැකකරුවන් පොලීසිය තුලදී මියයාම, තවත් සැකකරුවන් ආයුධ සඟවා ඇති තැන් පෙන්වාදීමට ගොස් සඟවා ඇති ආයුධ වලින් පොලීසියට පහරදීමට උත්සාහ කිරීමේදී පොලිස් වෙඩි පහරින් මියයාම යන අවාසනාවන්ත සිදුවීම් මාලාවට අලුතෙන්ම එකතුවූ ජවනිකාව තමයි මෑතක සිට පොලිස් රාලහාමිලාට (මේ රාලහාමි කියන වචනය වෙනුවට වෙන වචනයක් දාගන්න පොලීසිය කැමති නැද්ද?  'වල් අලි' - 'වන අලි' කළා වගේ) ලබාදුන් රිවෝල්වර භයානක ලෙස පත්තුවෙන්නට පටන්ගැනීම.

  ඊයේ පෙරේදා පස්යාල ප්‍රදේශයේදී පුද්ගලයකු මෙසේ පොලිස් වෙඩි පහරින් මියගියා. වෙඩිල්ල එල්ල කොට තිබුනේ මරණකරුට ඉතා ආසන්නව සිට. මරණකරු එවෙලේ නිරායුධව සිට තිබෙන්නේ, පොලීසිය කියනවා මරණකරු පැමිණි මෝටර් බයිසිකලය පොලිස් රාලහාමිලාව යටකරගෙන යන්න හැදුවලු. මෝටර් බයිසිකල් පදින ඕනෙම කෙනෙක් දන්නවා, මිනිසකු තියා බල්ලෙකු වුනත් හරියට බයිසිකලයේ වැදුනොත් බයිසිකලය පෙරලෙන බව. නැත්නම් සමබරතාව ගිලිහී, මොහොතකට හෝ කකුල බිම තබන්නට වෙන බව. මොටෝ ක්‍රොස් පදින ආකාරයට රාළහාමිලාගේ ඔලුවට උඩින් බයිසිකලය පන්නන්නත් බැහැ. රාලහාමිලාට තිබුනා අහකට පැනලා බයිසිකලයේ ටයර් වලට වෙඩි තියන්න. බයිසිකල් කාරයාගේ කකුලකට වෙඩි තියන්න, උරහිසකට වෙඩි තියන්න, එහෙම නොකළේ ඇයි?

   අද තවත් සිදුවීමක් වාර්තා වෙලා තිබුණා දිවුලපිටිය ප්‍රදේශයෙන්. ඒ ගැන වීඩියෝ වාර්තාවක් මා දුටුවා සිරස රූපවාහිනියේ. එහිදී එක රාලහාමි කෙනෙක් තම රිවෝල්වරය පුද්ගලයකුට එල්ල කරන බව පෙනෙනවා, පාරේ එක පැත්තක සිට. පාරේ අනික් පැත්තේ එක පුද්ගලයකු සෙමින් ගමන්කරනු දකින්න ලැබුණා. මියගියේ ඒ පුද්ගලයාදැයි මා දන්නේ නැහැ. මේ වෙලාවේ පාරේ වාහන තිබුණා. රාලහාමිගේ ඉලක්කය වැරදුනානම්  අර වාහනයක ගමන් කල කෙනෙකු මියයන්නට හෝ තුවාල වන්නට ඉඩ තිබුනා 100%ක් ම.


   මෙහෙම වෙන්නේ ඇයි? මෙන්න ඒ ගැන මගේ නිරීක්ෂණ සහ නිර්දේශ.


නිරීක්ෂණ.

  • පොලිස් රාළහාමිලාගේ අතට මේ රිවෝල්වර් ආවේ බොහොම මෑතකදී. රිවෝල්වර හෝ පිස්තෝල  පාවිච්චි කලේ උප පොලිස් පරීක්ෂක සහ ඊට ඉහළ නිළයන්හි නිළධාරීන්. ඔවුන්ටනම් මේ අවිය ගැන හොඳ පුහුණුවක් ලැබුණා. නමුත්, මේ තරමක් නුහුරු ආයුධය පරිහරණය ගැන නිසි පුහුණුවක් සහ උපදෙස් රාළහාමිලාට ලැබී නැති බව පෙනෙනවා. 

  • තමන් ආසා කරන ආයුධයක් ලැබුනම එයින් වැඩ අරන් බලන්න අපි කුඩා කාලේදී හරි ආසයිනේ. සමහර රාළහාමිලා මේ අවිය තියාගෙන ඉන්න විදිහ දැකලා දැනට මාස දෙකකට පෙර මට හිතුනා මෙයාලා කාක්කෙකුට හරි වෙඩි තියලා බලයි නිකම් ඉන්න ගමන් කියලා. නමුත් දෙයියනේ මෙයාලා වෙඩි තියලා තියෙන්නේ කාක්කන්ට නෙවෙයිනේ.

2
  • සමහර රාළහාමිලා, රිවෝල්වරය ගැන සමහර කරුණු දන්නේ නැහැ කියන එක, මට තහවුරු වුන අවස්ථාවක් මතකයි. දැනට මාසෙකට විතර උඩදී මම අපේ ප්‍රදේශයේ පොදු කටයුත්තක් සඳහා එක්තරා පොලිස් ස්ථානයකට ගියා. එහිදී, එහි සිටි මා දන්නා හඳුනන පොලිස් සැරයන් කෙනෙකුගෙන් මා ඇසුවා දැන් රිවෝල්වර තිබෙන නිසා ලොකු, බර, තුවක්කු උස්සාගෙන යන්න අවශ්‍ය නැහැ නේද කියා. 'අප්පේ ඔව්' ඔහු කට පුරා සිනාසෙමින් කිව්වා.  මම ඇහුවා, 'දන්නවද රිවෝල්වරයකින් වෙඩි තියපුවම තියන වැදගත්ම වාසිය මොකක්ද' කියලා. නමුත් ඒ ගැන නම් ඔහු කිසිවක් දැන සිටියේ නැහැ. (ඒ වාසිය තමයි පිස්තෝලයක මෙන් රිවෝල්වරයක උණ්ඩ වලට අදාළ හිස් කොපු, වෙඩි තියන තැන නොවැටීම. මොකද රිවොල්වරයේ තිබෙන පතරොම් සියල්ල වෙඩිතබා අවසන් වුනාට පස්සෙයි, වෙඩි තබන්නා විසින්ම ඒ හිස් කොපු එලියට ගන්නේ, නැවත පතරොම් පිරවීම සඳහා. එය ස්වයංක්‍රීයව සිදුවන්නේ නැහැ. ඒ නිසා අපරාධකරුවකුට පුළුවන් වෙඩි තබා පලායන්න, මොකකින්ද වෙඩි තැබුවේ යන්න සොයාගැනීමට තරමක් අපහසුවන ආකාරයට) මෙවැනි දැණුමක් නැතිව එවැනි අවි පරිහරණය කිරීම පාඩුවක් බව මට හැඟුණා.

  • පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා, අද දින දිවුලපිටියේ ඇතිවූ සිදුවීම අරබයා ප්‍රකාශ කළේ, මරණකරු, උල් ආයුධයකින්, පොලිස් නිළධාරීන්ට පහරදී මරාදැමීමට ඉඩ තිබුන නිසා, ඔහුට වෙඩි තැබීමට පොලිස් නිළධාරීන්ට සිදුවී ඇති බවයි. උල් ආයුධයක් අත ඇති තැනැත්තෙකු මෙල්ල කරන්නට, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට නොහැකි වුනත්, හිත හයිය තියන මැදිවියේ ගැමියන් දෙදෙනෙකුට වුනත් පුළුවන්, ගල් පාරවල් දෙක තුනකින් සහ පොලු කෙටියකින්, ඒ උල් ආයුධ කාරයා මෙල්ල කරන්න.


  • නිර්දේශ 


    • පොලීසිය හදන්න පටන්ගන්න ඕනේ ඉහළ සිට පහළටයි. ඒ නිසා පොලිස්පති වරයාට පුලුවන්නම් අවනීතියට එරෙහිව නැගීසිටින්නට, එතැන් සිට ඉදිරියට පොලීසිය ගෙනයාම මහා කජ්ජක් නෙවෙයි. 

    • පොලිස් සේවයේ පුහුණුව මූලික පුහුණුවට සීමා කර හරියන්නේ නැහැ. පොලිස් ස්ථානවල සති අන්තයෙදී පවත්වන පන්ති වලදී, අහවලුන්ගේ පෝස්ටර් ගහන්න නොදෙනු, අහවලාගේ වාහන නොඅල්ලනු,  අහවල් හෝටලය රේඩ් නොකරනු වැනි උපදෙස් දීමට වඩා, ඒ රාළහාමිලා හරක් බලන්න යැවීම යෙහෙකි. 

    • පොලිස් රාලහාමිලාට රිවෝල්වරයක් පරිහරණය කරන හැටි පුහුණු කලයුත්තේ ජීවිතයට එක වරක් නොවේ. අපේ රටේ දුප්පත්කම ගැන සලකා බැලුවොත් යටත්පිරිසෙයින් මාසයකට වරක් උණ්ඩ 10 ක් වත් ඉලක්කපතකට වෙඩි තබා තම පුහුණුව අලුත් කරගැනීමට පහසුකම් ලබාදිය යුතුය. එමෙන්ම අවිය ගැන ඉහළ තාක්ෂණික දැනුමක් දියයුතුය. 

    • ඔය දැන් පාවිච්චි කරන .38 රිවොල්වරයේ තියන පතරොම් හය ඉවර වුනොත් මොකද කරන්නේ සැකකරුට එකක්වත් නොවැදී? (1. හිටු කියලා දුවනවා පළාතෙවත් නොහිට. 2. අනේ මචං වෙඩි තිබ්බා නෙවයි නිකම්ම පත්තුවුනා කියලා සැකකරුට කියනවා. 3. උඹ මාර ලකී මචන් වරෙන් මාත් එක්ක බීඩියක් ගහන්න කියනවා. 4. යකෝ අපිට පව් නොදී පලයන්කෝ යන දිහාක කියලා දණගහලා වැඳලා කියනවා.) අමතර පතරොම් ගෙනයාමට හා විනාඩි කීපයක් ඇදීයන වෙඩි හුවමාරුවකදී නැවත පතරොම් පුරවාගැනීම විශේෂයෙන් පුහුණු කර තිබිය යුතුය.

    • ආයුධයක් තමන් අතේ නැතත්, පිහියක් වැනි ආයුධයක් අතේ ඇති තැනැත්තකු මෙල්ල කිරීම සඳහා අවශ්‍ය ආත්මාරක්ෂක සටන් ක්‍රම පොලීසියට අනිවාර්යයෙන් පුහුණු කරවිය යුතු අතර එවැනි අභ්‍යාස නිතිපතා පැවැත්විය යුතුය. (අපේ රටේ කැරලි මර්දන පොලීසිය දැන් දක්වන්නේ දුර්වල සටන් විලාසයක්. ලෝකයේ බොහොමයක් රටවල මිනිස්සු දන්නවා කැරලි මර්දන හමුදා සමග ගැටෙන හැටි. නුදුරු අනාගතයේදී ඒවා මෙහෙ අයත් ඉගෙනගනියි. එදාට මර්දනය කරන්නේ රතුපස්වලදී වගේ හමුදාව ලවා වෙඩි තැබීමෙන්ද? අපේ පොලිස් රාලහාමිලාගෙන් 1% කාටවත් ආත්මාරක්ෂක සටන් බැරි තත්වයකයි දැනට ඉන්නේ කියලා මට හිතෙනවා)

    • පොලිස් රාළහාමිලාගේ නිද්‍රාශීලීභාවය නැති කලයුතුයි. උදාසීනකම නැති කළ යුතුයි. ඔවුන්ට වගකීම් පැවරිය යුතුයි. 

    • 1police
      • නිල ඇඳුමෙන් සිටින පොලිස්කාරයා වැඳිය යුත්තේ පූජ්‍ය පක්ෂයේ අයට පමණයි. පොලිස්කාරයන්ගෙන් වැඳුම් පිදුම් බලාපොරොත්තු වන අය පූජක තනතුරකට යාම යෙහෙකි.

      3

      • අද බොහෝ පොලිස් රාළහාමිලා තම අවිය තියාගෙන ඉන්නේ හරිම විකට ස්වරූපයකින්. අවිය ගෙනයනවානම් ඒ සඳහා අවශ්‍ය අමතර පතරොම් සහ උපාංග රැගෙන යායුතුයි. තව රාළහාමිලා එක්කෙනෙක් දෙන්නෙක් උස්සගෙන ගිහින් මැරුවොත් තමයි මතක්වෙන්නේ, අඩේ..............අර පවුචස් ද, පූචස් ද, මොන හුචෑ.......ස් ද එක දාගෙන යන්න ඕනේ කියලා. ඒ නිසා, රාජකාරි සඳහා පිටත්ව යාමට පෙර, පොලිස් රාළහාමිලා නිසි පරිදි සන්නද්ධව සිටීද යන්න, වගකිවයුතු පොලිස් නිලධාරියකු විසින් සනාථ කරගත යුතුයි.


      • sri-lanka-police
  • පොලිස් නිලධාරීන් ගේ නිළ ඇඳුම ක්‍ෂේත්‍ර රාජකාරි සඳහා වෙනස් කිරීම සුදුසුය. ක්ෂේත්‍ර රාජකාරියේදී කැන්වස් බූට්ස් සහ බේස්බෝල් කැප් ආකාරයේ කැප් එකක් වඩාත් සුදුසුයි.

  කවදත් කොහෙදිත් කොතනත් සිදුවෙනවා වගේ පොලිස් පොඩ්ඩන්ගේ දුක නැතිකරන්න කවුරුවත් නැහැ. පොලිස්කාරයකුගේ හදවතට එබී බලන්න පුලුවන්නම් ඔහු ඉන්නෙත් සතුටෙන් නෙවෙයි කියලා පෙනෙනවා. 'කොස්තාපල් පුඤ්ඤසෝම' බලලා පොලිස් ලොක්කෝ හැදෙයි කියලා හිතන්න අමාරුයි. අපේ රටේ තියන දේශපාලන ක්‍රමය තුළ පොලීසිය තවදුරටත් පිරිහීම මිස දියුණුවක් ඇතිවන්නේ නැහැ. නමුත් කවුරුන් හෝ ඒ දේශපාලන විප්ලවය නොකලොත් තව කල් යනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්, 'ලංකාව ගැන හොයන කොමිසම' යනුවෙන්, වෙනමම එකක් ස්ථිරව පත්කරන්න ඉඩ තියනවා. පොලීසිය ඇතුළේ අපමණ දූෂණ වංචා තිබෙන බව පොලීසියේම අය කියනවා. ඒවා එළියටත් එනවා. නමුත් ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර දකින්නට අහන්නට ලැබෙනවා බොහොම අඩුයි. පොලිස් ආඥාපනත අවශ්‍ය පරිදි සංශෝධනය කිරීම අතිශයින් ප්‍රමුඛස්ථානය ලැබිය යුතු කරුණක්. 


   පොලීසිය ගැන මහජනතාව හිතන ආකාරය වෙනස් කරන්න පටන්ගන්න ඕනේ දේශපාලකයෝ. ඔවුන් පොලීසිය අමු අමුවේ කන එක නැවත්වීම අත්‍යවශ්‍යයි.


6


   පොලීසිය තම ප්‍රවේණි දාසයන් ලෙස සිතා දේශපාලුවන් විසින් කටයුතු කිරීම නැවැත්තුවොත්, මහජනතාව පොලීසියට ලංවෙයි. පොලීසිය හරියටම අකුරටම නීතිය ඉටු කලොත්, මේ රටේ දියුණුව කොපමණ වේගවත් වනු ඇතිද යන්න නොදන්නා සේ සිටින දේශපාලුවන්, අතුගා දැමිය යුතුයි. 



5


   පොලීසිය ගැන මහජනතාව නරක විදිහට, වැරදි විදිහට හිතන්නේ බහුතර පොලිස් නිළධාරීන් පිරිසක් සාධාරණව රාජකාරිය ඉටුකරන අතර වැරදි කරන සුළුතර පිරිසක් ඉන්න නිසා කියා යමකු කියනවානම් මා එකඟ වන්නේ නැහැ. අද මුළු පොලිස් සේවයම එක්තරා ග්‍රහනයකට හසුව තිබෙනවා. ඒ නිසා පොලීසිය අචේතනිකව හා යාන්ත්‍රිකවයි ක්‍රියාකරන්නේ.පොලීසිය ගැන මහජනතාව නරක විදිහට, වැරදි විදිහට, හිතන්නේ, බහුතර පොලිස් නිළධාරීන් පිරිසක් සාධාරණව රාජකාරිය ඉටුකරන අතර, වැරදි කරන සුළුතර පිරිසක් ඉන්න නිසා කියා යමකු කියනවානම් මා එකඟ වන්නේ නැහැ. අද මුළු පොලිස් සේවයම එක්තරා ග්‍රහනයකට හසුව තිබෙනවා. ඒ නිසා පොලීසිය අචේතනිකව හා යාන්ත්‍රිකවයි ක්‍රියාකරන්නේ. ඒ හේතුව නිසාමයි අවනීතිය පිලිබඳ මහජන දෝෂාරෝපණ වැඩිවී තිබෙන්නේ. පොලිස් කාරයා අද ජෝකරයකු කර තිබෙන්නේ, දේශපාලුවන්ගේ වරදාන භුක්තිවිඳින ලොකු පොලිස්කාරයන් විසින්මයි. 


9


   හැබැයි ඉතින් මෙහෙම හිතන අයත් ඇති.


8
7

   


















     2014 ජූනි මස 25 වැනි දින 0013 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }